• Increase font size
  • Default font size
  • Decrease font size

2017-01-10 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව අතර උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ සහයෝගිතාව පිළිබඳ ඇති කර ගනු ලබන අවබෝධතා ගිවිසුම
- උසස් අධ්‍යාපන අංශයේ අන්‍යෝන්‍ය සහයෝගිතාව ශක්තිමත් කිරීමත්, දෙරටේ උසස් අධ්‍යාපන ආයතන අතර සම්බන්ධතාව තවදුරටත් වර්ධනය කිරීමත් අරමුණු කරගනිමින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අධ්‍යාපන - උසස් අධ්‍යාපන කටයුතු අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශය අතර උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ සහයෝගිතාව පිළිබඳ අවබෝධතා ගිවිසුමකට එළඹීම පිණිස උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.