• Increase font size
  • Default font size
  • Decrease font size

2017-01-10 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රුසියානු කම්කරු හා සමාජ සබඳතා පිළිබඳ ඇකඩමිය සහ ශ්‍රී ලංකාවේ ජාතික ශ්‍රම අධ්‍යයන ආයතනය අතර ඇති කර ගනු ලබන අවබෝධතා ගිවිසුම
- ශ්‍රම අධ්‍යයන ක්ෂේත්‍රය පුළුල් කිරීම සඳහා පර්යේෂණ හා සමීක්ෂණ සිදු කිරීමේ සහ පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ අරමුණින් ජාතික ශ්‍රම අධ්‍යාපන ආයතනය (NILS) ක්‍රියාත්මක වේ. සිය අරමුණු සාක්ෂාත් කරගැනීමේදී දේශීය මෙන්ම විදේශීය ආයතන හා සංවිධාන සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමද එමඟින් අපේක්ෂා කෙරේ. ඒ අනුව, කම්කරු ක්ෂේත්‍රය පිළිබඳව සිදු කරනු ලබන අධ්‍යයනයන් සම්බන්ධයෙන් තොරතුරු හුවමාරු කරගැනීමටත්, ශ්‍රම අධ්‍යයන ක්ෂේත්‍රයේ හවුල් වැඩසටහන් හා ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමටත්, අවකාශ සැලසෙන පරිදි රුසියාවේ කම්කරු හා සමාජ සබඳතා ඇකඩමිය හා ජාතික ශ්‍රම අධ්‍යයන ආයතනය අතර අවබෝධතා ගිවිසුමකට එළඹීම පිණිස කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ.සෙනෙවිරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.