• Increase font size
  • Default font size
  • Decrease font size

2017-01-10 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජාත්‍යන්තර සිවිල් ගුවන්සේවා සංවිධානයේ 10 වන ගුවන්සේවා ගිවිසුම් සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වීම
- 1944 වර්ෂයේදී අත්සන් තබන ලද ජාත්‍යන්තර සිවිල් ගුවන්සේවා සම්මුතියේ (චිකාගෝ සම්මුතිය) පරිපාලන හා කළමනාකරණ කාර්යයන් සඳහා එක්සත් ජාතීන්ගේ නියෝජිත ආයතනයක් ලෙස ජාත්‍යන්තර සිවිල් ගුවන්සේවා සංවිධානය (ICAO) පිහිටුවනු ලැබ ඇති අතර, 1948 ජුනි මාසයේ සිට ශ්‍රී ලංකාව එම සංවිධානයේ සාමාජිකයෙකු ලෙස කටයුතු කරයි. ගුවන් සේවා ගිවිසුම් ඇති කරගැනීම සඳහා සාකච්ඡා කිරීමේ ක්‍රියාවලියෙහි කාර්යක්ෂමතාව ඉහළ නංවමින් ගුවන් සේවා ගිවිසුම් පිළිබඳ සාකච්ඡා කිරීමේ කේන්ද්‍රීය රැස්වීම් ස්ථානයක් සියලුම සාමාජික රාජ්‍යයන්ට ලබා දීම අරමුණු කරගනිමින් 'ගුවන් සේවා ගිවිසුම් සමුළුවක් (ICAN)' ජාත්‍යන්තර සිවිල් ගුවන්සේවා සංවිධානය විසින් වාර්ෂික පවත්වනු ලැබේ. 2017 වර්ෂය සඳහා වූ එම සමුළුව 2017 දෙසැම්බර් 04 - 08 කාලය තුළදී ශ්‍රී ලංකාවේදී පැවැත්වීම සඳහා සත්කාරකත්වය දැරීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.