• Increase font size
  • Default font size
  • Decrease font size

2017-01-10 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පුත්තලම ඒකාබද්ධ සංචාරක සංවර්ධන සැලැස්ම
- ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක කලාපයක් ලෙස කල්පිටිය හා පුත්තලම කලපුව ආශ්‍රිත ප්‍රදේශය වැඩිදියුණු කිරීමට ඉහළ හැකියාවක් පවතියි. ඒ අනුව, ප්‍රදේශයේ ජෛව විවිධත්වය ඉහළ නැංවීම හා සංරක්ෂණය, ප්‍රදේශයේ ජනතාව සවිබලගැන්වීම තුළින් සංචාරක ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා වැඩි කිරීම, පුත්තලම දිස්ත්‍රික්කය තුළ පවතින ප්‍රධාන සංචාරක කර්මාන්ත මුල් කරගනිමින් ජාතික නිෂ්පාදිතයට ඉහළ දායකත්වයක් ලබා දීම, ජනතාවගේ ආදායම් මාර්ග වැඩිදියුණු කිරීම, දේශීය හා විදේශීය සංචාරකයන්ගේ ආකර්ෂණය ඉහළ නැංවීම සහ මෙම ප්‍රදේශය තිරසර සංචාරක කලාපයක් බවට පත් කිරීම අරමුණු කරගනිමින් පුත්තලම ඒකාබද්ධ සංචාරක සංවර්ධන සැලැස්ම යටතේ ව්‍යාපෘතියක්, සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍යාංශය සහ තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍යාංශය ඒකාබද්ධව 2017 - 2018 දෙවසර තුළ ක්‍රියාත්මක කිරීම පිණිස තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.