• Increase font size
  • Default font size
  • Decrease font size

2017-01-10 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සංචාරක ක්ෂේත්‍රයේ වෙළඳපළ පහසුකම් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය
- සංචාරක ව්‍යාපාරය තුළ ව්‍යාපාරික ඉඩප්‍රස්තා වර්ධනය කිරීම ඉලක්ක කරගනිමින්, වසර 04ක කාලයක් තුළ ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 12ක මුදලක් ආයෝජනය කරමින් වෙ‍ළඳපොළ පහසුකම් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා ඕස්ට්‍රේලියානු රජය විසින් යෝජනාවක් ඉදිරිපත් කරනු ලැබ තිබේ. නව සංචාරක ආකර්ෂණීය ස්ථාන හා ක්‍රියාකාරකම් හඳුනාගැනීම තුළින් සංචාරක කර්මාන්තයේ විවිධාංගිකරණය, සංචාරක ව්‍යාපාරය ආශ්‍රිත ව්‍යාපාර කටයුතු ප්‍රචලිතව නොමැති ප්‍රදේශවල එම ව්‍යාපාරික කටයුතු ප්‍රවර්ධනය කිරීම, ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත ඉහළම තත්ත්වයේ භාණ්ඩ සඳහා අන්තර්ජාතික පාරිභෝගිකයන් ආකර්ෂණය කරගැනීම සහ ශ්‍රී ලංකාව තුළ ශීඝ්‍රයෙන් වර්ධනය වෙමින් පවතින ඩිජිටල් තාක්ෂණය මඟින් අන්තර්ජාතික ව්‍යාපාරික කටයුතු සඳහා පහසුකම් සැලසීම යන ක්ෂේත්‍රයන්හි ව්‍යාපාර ආයෝජන වැඩි කිරීමට යෝජිත ව්‍යාපෘතිය මඟින් ඉලක්ක කෙරේ. ඒ අනුව, යෝජිත වෙළඳපොළ පහසුකම් සංවර්ධන ව්‍යාපෘතිය ඕස්ට්‍රේලියානු රජයේ මූල්‍ය සහාය ඇතිව ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා රජය සහ ඕස්ට්‍රේලියා රජය අතර ගිවිසුමකට එළඹීම පිණිස සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.