• Increase font size
  • Default font size
  • Decrease font size

2017-01-10 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කළු ගඟ සංවර්ධන ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය අතිරේක මූල්‍ය පහසුකම් සපයා ගැනීම
- සංවර්ධනය සඳහා වන සෞදි අරමුදල (SFD), අරාබි ආර්ථික සංවර්ධනය සඳහා වන කුවේට් අරමුදල (KFAED) සහ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන ඔපෙක් අරමුදල (OFID) විසින් සලසනු ලබන මූල්‍ය සහාය යටතේ කළු ගඟ සංවර්ධන ව්‍යාපෘතිය දැන‍ට ක්‍රියාත්මක වෙමින් පවතී. මෙහි ඉදි කිරීම් කටයුතු 2018 වර්ෂයේ දෙසැම්බර් වන විට නිම කිරීමට නියමිත වේ. මෙම ව්‍යාපෘතියේ සංශෝධිත කොන්ත්‍රාත් පිරිවැය ඇමෙරිකානු ඩොලර් මිලියන 140.35ක් වන අතර, ඉන් ආසන්න වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 89.85ක් සංවර්ධන පාර්ශ්වකරුවන් විසින් ලබා දෙනු ලැබ තිබේ. ඒ අනුව ඇමෙරිකානු ඩොලර් මිලියන 50.5ක පමණ අරමුදල් අමතරව සපයා ගත යුතුව ඇති අතර, එම අරමුදල්වලින් ඇමරිකානු ඩොලර් මිලියන 16.5ක පමණ මුදලක් සහන කොන්දේසි යටතේ සලසා ගැනීම සඳහා අරාබි ආර්ථික සංවර්ධනය සඳහා වන කුවේට් අරමුදල (KFAED) සමඟ ගිවිසුමකට එළඹීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.