• Increase font size
  • Default font size
  • Decrease font size

2017-01-10 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රජරට හා නැ‍ඟෙනහිර විශ්වවිද්‍යාලවල වෛද්‍ය පීඨවලට සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සම - සෞඛ්‍ය විද්‍යා පීඨයට අවශ්‍ය පහසුකම් සැලසීම
- රජරට සහ නැ‍ඟෙනහිර විශ්වවිද්‍යාලයන්හි වෛද්‍ය පීඨ‍ සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සම - සෞඛ්‍ය විද්‍යා පීඨය සඳහා අවශ්‍ය වන වෛද්‍ය උපකරණ හා උපාංග සපයා දීම මඟින් එම පීඨයන්හි අධ්‍යයන හා පුහුණු පහසුකම්වල ගුණාත්මකභාවය අනෙකුත් රජයේ විශ්වවිද්‍යාලවල තත්ත්වය හා සමාන මට්ට‍මකට ගෙන ඒම ප්‍රමුඛ අවශ්‍යතාවක්ව පවතියි. ඒ අනුව, එම කාර්යයන් සඳහා අවශ්‍ය අරමුදල් ඔස්ට්‍රියාවේ බැංකුවක් මඟින් ඉතා සහන කොන්දේසි යටතේ සලසා ගැනීමට අදාළ සාකච්ඡා සම්මුති පැවැත්වීමටත්, ඒ පිළිබඳ ණය ගිවිසුමකට එළඹීමටත් ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.