• Increase font size
  • Default font size
  • Decrease font size

2017-01-10 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
නව විෂය නිර්දේශයට අනුකූලව පරිසර අධ්‍යාපනය පිළිබඳව ගුරුභවතුන් දැනුම්වත් කිරීම
- දේශගුණ විපර්යාසයන්ට සාර්ථකව මුහුණ දීම සඳහා සහ එමඟින් ඇති වන හානි අවම කිරීම, ඒවාට අනුහුරු වීම, පරිසර සංරක්ෂණය යනාදිය සම්බන්ධයෙන් රාජ්‍ය නායකයින් හා පරිසර සංවිධාන ඒකරාශි වී විවිධ සම්මුතීන්ට එළඹ ඇත. එම කරුණු පිළිබඳ විධිමත් අධ්‍යාපනයක් ලබා දීම මඟින් අනාගත දේශගුණික හා පාරිසරික අභියෝගයන්ට මුහුණ දීම සම්බන්ධයෙන් පාසල් දරුදැරියන් දැනුම්වත් කිරීමේ අරමුණින්, නව විෂය නිර්දේශ සකස් කිරීමේදී 6 වන ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණිය දක්වා විද්‍යා විෂය මාලාවට පරිසර සංවේදී විෂය කොටස් ඇතුළත් කරනු ලැබ ඇත. පරිසර ක්ෂේත්‍රය පිළිබඳ නිවැරදි අව‍බෝධයක් පාසල් දරුදැරියන්ට ලබා දීම මඟින් පාසල් දරුවන්ගේ ආකල්පමය වෙනසක් ඇති කිරීම සඳහා පරිසර අධ්‍යාපනය පිළිබඳව රජයේ ගුරුභවතුන් දැනුම්වත් කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාවට නැංවීම පිණිස මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් ප්‍රතිපත්තිමය වශයෙන්අනුමත කරන ලදී.