• Increase font size
  • Default font size
  • Decrease font size

2017-01-10 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රාජ්‍ය ආයතනවල ගොඩනැඟිලි වඩාත් පරිසර හිතකාමී හරිත ගොඩනැඟිලි ලෙස ඉදි කිරීම හා පවත්වාගෙන යාම සඳහා වූ මාර්ගෝපදේශ සංග්‍රහය ක්‍රියාත්මක කිරීම
- ශ්‍රී ලංකාව විසින් තිරසර සංවර්ධන ඉලක්ක ළඟා කරගැනීම සඳහා හරිත හා පරිසර හිතකාමී ඉදි කිරීම් ක්ෂේත්‍රයේ දායකත්වය ලබාගත යුතු වේ. එහිදී, රාජ්‍ය ආයතනවල ගොඩනැඟිලි වඩාත් පරිසර හිතකාමී ලෙස නිර්මාණය කිරීම, ඉදි කිරීම සහ පවත්වා ගෙන යාම සඳහා වන මාර්ගෝපදේශ සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් දැනටමත් අනුමැතිය ලබා දෙනු ලැබ තිබේ. ඒ අනුව, බලශක්ති කාර්යක්ෂමතාව, තිරසර භූමි සැලසුම්කරණය හා කළමනාකරණය, ඉදි කිරීම් සඳහා යොදා ගනු ලබන අමුද්‍රව්‍ය හා සම්පත් කළමනාකරණය, ගොඩනැඟිලි ඇතුළත පරිසරයේ ගුණාත්මකභාවය, ජල කාර්යක්ෂමතාව, හරිතමය නව්‍යකරණය සහ ඒවායේ සමාජයීය හා සංස්කෘතිමය අනුකූලතාව යන ක්ෂේත්‍ර ඔස්සේ නව ඉදි කිරීම්වල පරිසර හිතකාමී බව මැන බැලීම සඳහා වන ක්‍රමවේදය සහ එය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ආයතනික ව්‍යූහය ඇතුළත් සම්පූර්ණ මාර්ගෝපදේශ සංග්‍රහය‍ට අනුමැතිය ලබාගැනීම පිණිස මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.