• Increase font size
  • Default font size
  • Decrease font size

2017-01-03 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
'දරුවන් සුරකිමු' ජාතික වැඩසටහන - 2017-2019
- සමාජය තුළ දැනට පැතිර යන විවිධ ව්‍යසනයන්ගෙන් ජාතික ජීවනාලිය වන දරු පරපුර ආරක්ෂා කරගැනීමේ ප්‍රමුඛ අවශ්‍යතාව රජය විසින් හඳුනාගනු ලැබ ඇත. ඒ අනුව, අපයෝජනය/අපහරණය වැළැක්වීම හා ළමා ආරක්ෂාව තහවුරු කිරීම, සෞඛ්‍ය, පෝෂණය හා සුබසාධනය, පෞරුෂ සංවර්ධනය, අධ්‍යාපනය සහ ජීවන කුලසලතා යන ප්‍රධාන ක්ෂේත්‍ර තුන (03) යටතේ සියලු පැතිකඩයන් ආවරණය වන පරිදි සකස් කරනු ලැබ ඇති ක්‍රියාකාරී සැලැස්මට අනුකූලව, 2017 වසරේ සිට 2019 වසර දක්වා වන තුන් අවුරුදු කාල සීමාව තුළ 'දරුවන් සුරකිමු' ජාතික වැඩසටහන ක්‍රියාත්මක කිරීම පිණිස අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.