• Increase font size
  • Default font size
  • Decrease font size

2017-01-03 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සියඹලාන්ඩුව ජල සම්පාදන යෝජනා ක්‍රමය ඉදි කිරීම
- මොනරාගල දිස්ත්‍රික්කයේ, සියඹලාන්ඩුව ජල සම්පාදන යෝජනා ක්‍රමය, ජල සම්පාදන හා සනීපාරක්ෂාව වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක කිරීමට යෝජිත අතර එමඟින් සියඹලාන්ඩුව හා මුතුකණ්ඩිය ප්‍රදේශවල නිවාස 8,450 කට පමණ සෞඛ්‍යාරක්ෂිත පානීය ජලය සැපයෙනු ඇත. මෙම ජල සම්පාදන යෝජනා ක්‍රමය ඉදිකිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි ප්‍රදානය කිරීම පිණිස නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.