• Increase font size
  • Default font size
  • Decrease font size

2017-01-03 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මහ කොළඹ අපජල හා ජල කළමනාකරණය වැඩිදියුණු කිරීමේ ආයෝජන වැඩසටහන - ව්‍යාපෘති අංක 2
- ‍ආසියානු සංවර්ධන බැංකුව සහ සංවර්ධනය සඳහා වූ ප්‍රංශ නියෝජිතායතනය (Agence Francaise de Developpement) මඟින් සලසනු ලබන අරමුදල් මඟින් ක්‍රියාත්මක කෙරෙන මහ කොළඹ අපජල හා ජල කළමනාකරණය වැඩිදියුණු කිරීමේ ආයෝජන වැඩසටහනෙහි ව්‍යාපෘති අංක 2 යටතේ ඝන මීටර 15,000ක ධාරිතාව සහිත ගොතටුව භූගත ජලාශය, ගොතටුව ජල පොම්පාගාරය හා බූස්ටර් පොම්පාගාරය ඉදි කිරීම සහ ජලය සම්ප්‍රේෂණය කිරීම සඳහා මිලිමීටර 1,200 DI නළ සපයා එළීම සඳහා වන කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි පිරිනැමීම පිණිස නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.