• Increase font size
  • Default font size
  • Decrease font size

2017-01-03 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
එල්ෆින්ස්ටන් රඟහල ප්‍රතිසංස්කරණය කිරීම
- 1925 වර්ෂයේදී ඉදි කරන ලදුව, 1988 වර්ෂයේදී රජයට පවරා ගනු ලැබ ඇති, කොළඹ, එල්ෆින්ස්ටන් රඟහල, වර්තමානයේ ටවර් හෝල් රඟහල පදනම මඟින් පාලනය කරනු ලැබේ. මෙම රඟහල ආසන 600කින් සමන්විත රංග ශාලාවක් වශයෙන් නවීකරණය කිරීමේ කටයුතු මේ වන විට සිදු කෙරෙමින් පවතින අතර, 2017 වර්ෂයේ මුල් කාර්තුවේදී එය මහජනතාව සඳහා නැවත විවෘත කිරීමට සැලසුම් කරනු ලැබ තිබේ. එහි ඉදිරි වැඩ කටයුතු නිම කිරීම සඳහා අවශ්‍ය අතිරේක අරමුදල් සලසා ගැනීම පිණිස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.