• Increase font size
  • Default font size
  • Decrease font size

2017-01-03 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
වට්ටාරම ශ්‍රී අරහන්ත මලියදේව රජමහා විහාර පූජාභූමිය සංවර්ධනය කිරීම
- 2017 වර්ෂයේ රාජ්‍ය වෙසක් උත්සවය පැවැත්වීමට නියමිත, කෑගල්ල දිස්ත්‍රික්කයේ ගලිගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි වට්ටාරම ශ්‍රී අරහන්ත මලියදේව රජමහා විහාර පූජාභූමිය සංවර්ධනය කටයුතු නිම කිරීම සඳහා අවශ්‍ය රුපියල් මිලියන 35ක අතිරේක ප්‍රතිපාදන සලසා ගැනීම පිණිස බුද්ධශාසන අමාත්‍ය (ආචාර්ය) විජයදාස රාජපක්ෂ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.