• Increase font size
  • Default font size
  • Decrease font size

2017-01-03 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
'ලංකා ජර්මන් කාර්මික අභ්‍යාස ආයතනය' සංස්ථාගත කිරීම
- නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන 'ලංකා ජර්මන් කාර්මික අභ්‍යාස ආයතනය' වෙනම නෛතික ආයතනයක් වශයෙන් පාර්ලිමේන්තු පනතක් මඟින් සංස්ථාගත කිරීමේ අවශ්‍යතාව සැලකිල්ලට ගෙන, ඒ සඳහා සකස් කරනු ලැබ ඇති ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනය පනත් කෙටුම්පත, රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය පිණිස පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමටත් නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය මහින්ද සමරසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.