• Increase font size
  • Default font size
  • Decrease font size

2017-01-03 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
යෝජිත ජාතික වැඩිහිටි සෞඛ්‍ය ප්‍රතිපත්තිය සහ උපායමාර්ග
- උපතේදී අපේක්ෂිත ආයු කාලය ඉහළ යාමත්, දරු උපත් පහත වැටීමත් යන ප්‍රධාන හේතු නිසා වයස්ගත ජනගහනය ශීඝ්‍ර ලෙස ඉහළ යාම ශ්‍රී ලංකාව මුහුණ දෙන කාලීන ගැටලුවක් වේ. දැනට 12%ක් පමණ වන අවුරුදු 60ට වැඩි ජනගහනය, 2020දී 16% දක්වාත් 2050දී 29% දක්වාත් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙම තත්ත්වයට මුහුණ දීම සඳහා වැඩිහිටි සෞඛ්‍ය සත්කාරක සේවා නිසි පරිදි දිශාගත කිරීම අවශ්‍ය වේ. ඒ අනුව, ශ්‍රී ලංකාවේ වෙසෙන සියලුම ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වඩාත් පුළුල් සෞඛ්‍ය සේවයක් ලබා දීමේ අරමුණින් සකස් කරනු ලැබ ඇති, සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කළ, යෝජිත 'ජාතික වැඩිහිටි සෞඛ්‍ය ප්‍රතිපත්තිය' අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.