• Increase font size
  • Default font size
  • Decrease font size

2017-01-03 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජාතික විද්‍යා, තාක්ෂණ හා නවෝත්පාදන සම්බන්ධීකරණ අධිකාරිය (NASTICA) ස්ථාපිත කිරීම
- සමාජ - ආර්ථික සංවර්ධනය සඳහා විද්‍යාව, තාක්ෂණය හා නවෝත්පාදන උදෙසා සිදු කෙරෙන ආයෝජනයන්ගෙන් උපරිම ප්‍රතිඵල ලබාගැනීමේ අරමුණින්, දැනට රේඛීය අමාත්‍යාංශ 21ක් මඟින් පරිපාලනය කෙරෙන පර්යේෂණ හා සංවර්ධන කටයුතුද, ගණනින් 80ක් පමණ වන විවිධ පර්යේෂණ ආයතන හා පර්යේෂණ මධ්‍යස්ථාන නිසි පරිදි සම්බන්ධීකරණය පහසු කිරීම සඳහා 'ජාතික විද්‍යා තාක්ෂණ සහ නවෝත්පාදන සම්බන්ධීකරණ අධික‍ාරියක් (NASTICA)' පාර්ලිමේන්තු පනතක් මගින් ස්ථාපනය කිරීම පිණිස විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.