• Increase font size
  • Default font size
  • Decrease font size

2017-01-03 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජාතික උද්‍යාන, නව වනජීවී අභයභූමි ප්‍රකාශයට පත් කිරීම හා ප්‍රකාශයට පත් කර ඇති අභයභූමිවල මායිම් සංශෝධනය කිරීම
- ශ්‍රී ලංකාවේ ස්වාභාවික වනපෙත්, තෙත්බිම් හා වනජීවීන් ආරක්ෂා කර ගැනීමටත්, විවධ අනවසර ක්‍රියාවන් හේතුවෙන් අවදානමට ලක්ව ඇති සත්ව වාසස්ථාන විනාශවීම අවම කරගැනීමටත් ප්‍රමුඛතාව දිය යුතුව ඇත. ඒ අනුව, කුරුණෑගල සහ අනුරාධපුර යන දිස්ත්‍රික්කවලට මායිම්ව පිහිටි කහල්ල - පල්ලේකැලේ අභය භූමියේ කලා වැවට හා බළලු වැවට අයත් වනාන්තර ප්‍රදේශ 'කලාවැව ජාතික උද්‍යානය' ලෙස ප්‍රකාශයට පත්කිරීමටත්, එකී අභය භූමියේ කුරුණෑගල දිස්ත්‍රික්කයට අයත් ඉතිරි වනාන්තර ප්‍රදේශ 'කහල්ල - පල්ලෙකැලේ ජාතික උද්‍යානය' වශයෙන් නම් කිරීමටත්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පාසිකුඩා ප්‍රදේශය ආශ්‍රිතව පිහිටි සාගර කලාපය ආවරණය වන පරිදි 'කායන්කර්ණී සමුද්‍රීය ස්වභාව රක්ෂිතය' ප්‍රකාශයට පත් කිරීමටත්, කුරුණෑගල දිස්ත්‍රික්කයේ නිකවැරටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි කොටුඅත්තාවල වැව ආශ්‍රිත වන භූමි ප්‍රදේශය 'කොටුඅත්තාවල අභය භූමිය' වශයෙන් ප්‍රකාශයට පත් කිරීමටත්, ගාල්ල දිස්ත්‍රික්කයේ හික්කඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි අකුරල තෙත් බිම 'අකුරල වනජීවී අභය භූමිය' වශයෙන් ප්‍රකාශයට පත් කිරීමටත්, කළුතර දිස්ත්‍රික්කයේ හොරණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි කොඩිගහකන්ද වන පෙත 'කොඩිගහකන්ද වනජීවී අභය භූමිය' වශයෙන් ප්‍රකාශයට පත් කිරීමටත්, ශ්‍රී ලංකාවේ ගිනිකොන දිග වෙරළට ඔබ්බෙන් පිහිටි කුඩා රාවණා හා මහා රාවණා ප්‍රදීපාගාර පිහිටි කොරල්පර ඇතුළත් සාගර කලාපය 'කුඩා රාවණා මහා රාවණා සමුද්‍රීය අභය භූමිය' වශයෙන් ප්‍රකාශයට පත් කිරීමටත්, ගාල්ල දිස්ත්‍රික්කයේ බලපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි මාදු ගඟ අභය භූමියේ මායිම් සංශෝධනය කිරීමටත් තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.