• Increase font size
  • Default font size
  • Decrease font size

2017-01-03 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සංචාරක හෝටල් නියාමනය කිරීම
- සංචාරක ‍හෝටල් තරු 1 සිට තරු 5 දක්වා වර්ගීකරණය කිරීමට අදාළව පැවතිය යුතු අවම ධාරිතා හා පහසුකම් නියම කිරීම, ඊට අදාළ බලපත්‍ර ගාස්තු නියම කිරීම, සංචාරක හෝටල් විසින් පවත්වාගෙන යනු ලැබිය යුතු විනය සම්බන්ධයෙන් විධිවිධාන සැලසීම, සංචාරක හෝටල් ලියාපදිංචි කිරීම සහ ඒ සඳහා බලපත්‍ර ලබාදීම, සංචාරක හෝටල්වල අවම ඉඩ ප්‍රමාණ සහ පහසුකම් නියම කිරීම යන කරුණුවලට අදාළව 2005 අංක 38 දරන සංචාරක කටයුතු පනත යටතේ අමාත්‍යවරයා විසින් 1963/28 අංක දරන 20160420 දිනැති අතිවිශේෂ ගැසට් නිවේදනයේ පළ කරනු ලැබ ඇති නියමයන්, නියෝග සහ රීති අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම පිණිස සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී