• Increase font size
  • Default font size
  • Decrease font size

2017-01-03 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජාතික ජෛව විවිධත්ව උපායමාර්ගික ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාත්මක කිරීම
‍- 1992 වර්ෂයේදී පැවති 'මිහිකත සමුළුවට'(Earth Summit) සමගාමීව ඇති කර ගන්නා ලද 'අන්තර්ජාතික ජෛව විවිධත්ව සම්මුතිය' (Convention on Biological Diversity) සඳහා ශ්‍රී ලංකාව විසින් අත්සන් තබනු ලැබ ඇත. එකී සම්මුතියේ බැඳීම් අනුව ජෛව විවිධත්ව සංරක්ෂණය සඳහා ශ්‍රී ලංකාව විසින් 1992 වසරේ ‍සිට 2016 වසර දක්වා වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කරනු ලැබ තිබේ. එමෙන්ම 2016 වසරේ සිට වසර 2022 දක්වා වන කාල සීමාව තුළ ක්‍රියාත්මක කිරීමට නියමිත ජෛව විවිධත්ව සංරක්ෂණ උපායමාර්ග ඇතුළත් ක්‍රියාකාරී සැලැස්මක්, අදාළ පාර්ශවකරුවන්ගේ දායකත්වය ඇතිව ජාතික ජෛව විවිධත්ව විද්වත් කමිටුව විසින් සකස් කරනු ලැබ තිබේ. ඒ අනුව, ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්ව සංරක්ෂණය, ජෛව සම්පත් තිරසර භාවිතය හා ඒතුළින් ලැබෙන ප්‍රතිලාභ සම සේ බෙදා හැරීම යන අරමුණු පෙරදැරිව සකස් කරනු ලැබ ඇති ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්ව උපායමාර්ගික ක්‍රියාකාරී සැලැස්ම 2016 - 2022 ක්‍රියාත්මක කිරීම පිණිස මහවැලි සංවර්ධන හා පරිසර ඇමතිතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.