• Increase font size
  • Default font size
  • Decrease font size

2016-12-20 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
වෙළඳපොළේ සහල් මිල ඉහළ යාම වැළැක්වීම සඳහා ආරක්ෂිත තොගයක් පවත්වාගැනීමට සහල් ආනයනය කිරීම
- දිවයිනට බලපා ඇති අයහපත් දේශගුණික තත්ත්වය හේතුවෙන් ප්‍රමාණවත් වැසි නොලැබීම නිසා මේ වසරේ මහ කන්නයේ වී වගා කරනු ලැබ ඇති බිම් ප්‍රමාණය ශීඝ්‍රයෙන් පහත බැස ඇත. මේ හේතුවෙන් සහල් හිඟයක් ඇති වීම හා වෙළඳපොළේ සහල් මිල ඉහළ යාම වැළැක්වීම සඳහා ආරක්ෂිත තොගයක් වශයෙන් පවත්වාගෙන යාම පිණිස පෞද්ගලික අංශය මඟින් සහල් ආනයනය කිරීමටත්, එසේ ආනයනය කරනු ලබන සහල් ආරක්ෂිත තොගයක් වශයෙන් බන්ධිත ගුදම්වල ගබඩා කිරීමටත්, වෙළඳපොළේ සහල් මිල පාලනය කිරීමට හැකි වන පරිදි එම සහල් ක්‍රමානුකූලව වෙළඳපො‍ළට නිකුත් කිරීමටත් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.