• Increase font size
  • Default font size
  • Decrease font size

2016-12-20 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජාතික තරුණ සේවා සභාවට අයත් මොනරාගල වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ පහසුකම් පුළුල් කිරීම
- ජාතික තරුණ සේවා සභාවේ මොනරාගල වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය 1987 වර්ෂයේදී ස්ථාපිත කරන ලද අතර, එවක් පටන් මේ දක්වා එහි පහසුකම් පුළුල් කිරීම සඳහා විධිමත් වැඩසටහනක් ක්‍රියාවට නංවනු ලැබ නොමැත. ඒ අනුව, මෝටර් කාර්මික, ඉදි කිරීම් හා සංචාරක හෝටල් කර්මාන්තය වැනි රැකියා වෙළඳපොළවල් ඉලක්ක කරගනිමින්, තරුණතරුණියන් 250 දෙනෙකු පමණ පුහුණු කිරීමේ පහසුකම් සහිතව, පාඨමාලා 10ක් පැවැත්වීමට හැකියාව ලැබෙන පරිදි නව දේශනශාලා ගොඩනැඟිල්ලක් මොනරාගල වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ ඉදි කිරීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.