• Increase font size
  • Default font size
  • Decrease font size

2016-12-20 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
'රජරට නවෝදය' ජනාධිපති වැඩසටහනේ, 'පුබුදමු පොළොන්නරුව' දිස්ත්‍රික් සංවර්ධන ව්‍යාපෘති යටතේ මාර්ග සංවර්ධනය කිරීමේ කොන්ත්‍රාත්තු හතරක් ප්‍රදානය කිරීම
- 'රජරට නවෝදය' ජනාධිපති වැඩසටහනේ, 'පුබුදමු පොළොන්නරුව' දිස්ත්‍රික් සංවර්ධන ව්‍යාපෘති යටතේ ක්‍රියාත්මක කෙරෙන, පහත සඳහන් මාර්ග සංවර්ධනය කිරීමේ ව්‍යාපෘති හතරට (04) අදාළ කොන්ත්‍රාත්තු, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි ප්‍රදානය කිරීම පිණිස උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී:

* මනම්පිටිය - අරලගංවිල - මාදුරුඔය මාර්ගය වැඩිදියුණු කිරීම
(කි.මී. 3.0 සිට කි.මී. 33.0 දක්වා)

* දෙහිඅත්තකණ්ඩිය - අරලගංවිල මාර්ගය පුනරුත්ථාපනය හා වැඩිදියුණු කිරීම
(කි.මී. 0 සිට කි.මී. 21.10 දක්වා)

* මින්නේරිය - ගල්ඔය මාර්ගය වැඩිදියුණු කිරීම
(කි.මී. 0 සිට කි.මී. 14.54 දක්වා)

* ඇළහැර - ගිරිතලේ මාර්ගය වැඩිදියුණු කිරීම
(කි.මී. 0 සිට කි.මී. 29.0 දක්වා)