• Increase font size
  • Default font size
  • Decrease font size

2016-12-20 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
දක්ෂිණ අධිවේගී මාර්ගය දීර්ඝ කිරීමේ ව්‍යාපෘතියේ සිවිල් වැඩ ඉදි කිරීම් අධීක්ෂණය සහ සැලසුම් නිර්මාණය විමර්ශනය සඳහා උපදේශක සේවා මූල්‍යයනය කිරීම
- දක්ෂිණ අධිවේගී මාර්ගය මාතර සිට හම්බන්තොට දක්වා දීර්ඝ කිරීමේ ව්‍යාපෘතියෙහි අදියර හතරෙහිම (04) ඉදි කිරීම් කටයුතු 2015 වර්ෂයේ අගභාගයේ සිට ආරම්භ කර ඇති අතර, එම ඉදි කිරීම් කටයුතු මේ වන විට සිදු කෙරෙමින් පවතී. එම ව්‍යාපෘතියේ සිවිල් වැඩ ඉදි කිරීම් අධීක්ෂණය සහ සැලසුම් නිර්මාණය විමර්ශනය සඳහා උපදේශක සේවා මූල්‍යයනය සඳහා ‍රෙන්මින්බි යුවාන් මිලියන 577ක ණය මුදලක් ලබාගැනීම සඳහා චීන රජය සමඟ කාර්යරාමු ගිවිසුමකට එළඹීමටත්, චීන රජයේ සහනදායී ණය පහසුකම් යටතේ එම ණය මුදල ලබාගැනීම පිණිස චීන අපනයන හා ආනයන බැංකුව (EXIM Bank of China) සමඟ ණය ගිවිසුමකට එළඹීමටත් මුදල් අමාත්‍ය රවි කරුණානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.