• Increase font size
  • Default font size
  • Decrease font size

2016-12-20 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
අනුරාධපුර, පොළොන්නරුව හා මොනරාගල දිස්ත්‍රික්ක ආවරණ වන භූගත ජල විමංසන ජාලයක් ස්ථාපනය කිරීමේ නියමු ව්‍යාපෘතිය
- ශ්‍රී ලංකාවේ භූගත ජල පරිහරණය නිසි කළමනාකරණයකට ලක් කිරීම ඉතා වැදගත් වන අතර, ඒ සඳහා භූගත ජලයේ ප්‍රමාණාත්මක හා ගුණාත්මක බව පිළිබඳ කාලීන දත්ත සපයා ගැනීම අත්‍යවශ්‍ය වේ. ඒ අනුව, අනුරාධපුර දිස්ත්‍රික්කයේ මල්වතු ඔය, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මාදුරු ඔය හා මොනරාගල දිස්ත්‍රික්කයේ කුඹුක්කන් ඔය යන ගංගා ද්‍රෝණි ප්‍රදේශ ආවරණ කරමින් භූගත ජල විමසංන දත්ත පද්ධතියක් ස්ථාපනය කිරීම සඳහා වන නියමු ව්‍යාපෘතියට අදාළ කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද සාකච්ඡා සම්මුති කමිටුවේ නිර්දේශය පරිදි ප්‍රදානය කිරීම පිණිස වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.