• Increase font size
  • Default font size
  • Decrease font size

2016-12-20 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
විශ්වවිද්‍යාලවල යටිතල පහසුකම් සංවර්ධනය කිරීම
- කොළඹ ප්‍රදේශයෙන් බැහැර පිහිටි විශ්වවිද්‍යාලවල අධ්‍යයන සහ අනධ්‍යයන කාර්ය මණ්ඩල රඳවා ගැනීම සඳහා ඔවුන්ට අවශ්‍ය නේවාසික පහසුකම් විශ්වවිද්‍යාල පරිශ්‍රය තුළම සපයා දීම සිදු කළ යුතුව තිබේ. ඒ අනුව, රජරට, රුහුණ, වයඹ, සබරගමුව, නැ‍ඟෙනහිර හා යාපනය යන විශ්වවිද්‍යාලවල කාර්ය මණ්ඩල සඳහා නිල නිවාස ඉදි කිරීමේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමටත්, විවෘත විශ්වවිද්‍යාලයේ යාපනය ප්‍රාදේශීය මධ්‍යස්ථානය සංවර්ධනය කිරීම සඳහා මහල් හතරකින් (04) යුත් ගොඩනැඟිල්ලක් ඉදි කිරීමටත්, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පැරණි ගොඩනැඟිලි සම්පූර්ණයෙන් අලුත්වැඩියා කොට යථා තත්ත්වයට පත් කිරීමටත් උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.