• Increase font size
  • Default font size
  • Decrease font size

2016-12-20 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කුරුණෑගල සිට හබරණ දක්වා දඹුල්ල හරහා නව දුම්රිය මාර්ගයක් ඉදි කිරීම
- කුරුණෑගල සිට හබරණ දක්වා දඹුල්ල හරහා නව දුම්රිය මාර්ගයක් ඉදි කිරීම සම්බන්ධයෙන් පාරිසරික බලපෑම් අධ්‍යයනයක් දැනටමත් සිදු කරනු ලැබ තිබේ. චීන ඉදි කිරීම් සමාගමක් වන මෙහි ව්‍යාපෘති යෝජකයා විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති තාක්ෂණික යෝජනාව සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද සාකච්ඡා සම්මුති කමිටුවට සහාය වීම සඳහා ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශයේ සේවය ලබාගැනීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.