• Increase font size
  • Default font size
  • Decrease font size

2016-12-20 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මොරගහකන්ද - කළුගඟ සංවර්ධන ව්‍යාපෘතිය හේතුවෙන් අවතැන් වන පවුල් මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙහි නැවත පදිංචි කිරීම
- මොරගහකන්ද - කළුගඟ සංවර්ධන ව්‍යාපෘතිය හේතුවෙන් අවතැන් වන ජනතාවගෙන් කොටසක් කළුගඟ පෝෂිත ප්‍රදේශය තුළ නැවත පදිංචි කෙරෙන අතර ඉතිරි පවුල් නැවත පදිංචි කිරීම සඳහා මහවැලි D කලාපයට අයත් මැදිරිගිරිය ප්‍රදේශයේ සංවර්ධනය කළහැකි ඉඩම් හෙක්ටයාර 9,000ක් පමණ හඳුනා ගනු ලැබ තිබේ. මේ යටතේ, මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම නිලධාරි වසම් 04ක සංවර්ධන කාර්යයන් දැනටමත් සිදු කෙරෙමින් පවතින අතර එම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සම්පූර්ණයෙන්ම ආවරණය වන පරිදි ජනාවාස සංවර්ධන කාර්යයන් සිදු කිරීමට නියමිතය. ඒ අනුව, දැනට ඌන සංවර්ධිත තත්ත්වයේ පවතින මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ග්‍රාම නිලධාරි වසම් 09ක වාරිමාර්ග හා ජනාවාස සංවර්ධන කාර්යයන් පුළුල් කිරීමටත්, ඉතිරි ග්‍රාම නිලධාරි වසම් 32හි ජනාවාස සංවර්ධන කාර්යයන් පුළුල් කිරීමටත් අදාළ ශක්‍යතා අධ්‍යයන කටයුතු සිදු කිරීම පිණිස මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.