• Increase font size
  • Default font size
  • Decrease font size

2016-12-20 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
නකල්ස් තොරතුරු මධ්‍යස්ථානය ඉදි කිරීම - වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව
- මධ්‍යම කඳුකර ලෝක උරුම වන භූමියට අයත් නකල්ස් සංරක්ෂිත වනාන්තරය තුළ අංග සම්පූර්ණ තොරතුරු මධ්‍යස්ථානයක් ඉදි කිරීමේ කටයුතු 2014 වසරේදී ආරම්භ කර ඇති නමුත්, ප්‍රතිපාදන සපයා ගැනීමේ දුෂ්කරතා හේතුවෙන් එහි ඉදි කිරීම් කටයුතු අතරමඟ නවතා දමනු ලැබ තිබේ. '2016 - 2018 පුනරුදය' වැඩසටහන යටතේ ලැබීමට නියමිත රුපියල් මිලියන 23ක ප්‍රතිපාදන උපයෝගි කරගනිමින් එම තොරතුරු මධ්‍යස්ථානයේ ඉදි කිරීම් කටයුතු නැවත ආරම්භ කිරීම පිණිස මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.