• Increase font size
  • Default font size
  • Decrease font size

2016-12-20 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
අනුරාධපුර කුම්බිච්චන්කුලම වැව ආශ්‍රිත විනෝදාස්වාදය සඳහා පහසුකම් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය
- අනුරාධපුරය මූලික යටිතල පහසුකම් හා පොදු පහසුකම්වලින් සමන්විත නගරයක් වුවද විවේකීව කාලය ගත කිරීම සඳහා වෙන් වූ ස්ථාන එහි ප්‍රමාණවත් තරම් නොමැත. එබැවින්, අනුරාධපුර කුම්බිච්චන්කුලම වැව පිළිසකර කර, ඒ ආශ්‍රිත ප්‍රදේශය විනෝදාස්වාදය සඳහා පහසුකම් ඇති ප්‍රදේශයක් වශයෙන් සංවර්ධනය කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කෙරෙන ව්‍යාපෘතියේ දෙවන අදියරේ කටයුතු වෙනුවෙන් අරමුදල් සලසා ගැනීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.