• Increase font size
  • Default font size
  • Decrease font size

2016-12-20 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජාතික ඒකාබද්ධතා හා ප්‍රතිසන්ධාන සතියක් ප්‍රකාශයට පත් කිරීම
- සමඟිසම්පන්න, ශක්තිමත්, සුසංවාදී මෙන්ම සමෘද්ධිමත් ජාතියක් සඳහා අඩිතාලම සපයමින්, ජනතාව අතර සමඟිය, සාමය, දයාව සහ සහෝදරත්වය වැඩිදියුණු කිරීමේ අරමුණින්, 2017 වර්ෂයේ සිට සෑම වර්ෂයකම ජනවාරි මාසයේ 08 වන දින සිට 14 වන දින දක්වා වන සතිය 'ජාතික ඒකාබද්ධතා හා ප්‍රතිසන්ධාන සතිය' වශයෙන් ප්‍රකාශයට පත් කිරීමටත්, 2017 වර්ෂයේ එම සතියට සමගාමීව දිවයිනේ සියලුම පාසල්, ජනමාධ්‍ය, රාජ්‍ය සහ පෞද්ගලික ආයතන කේන්ද්‍ර කරගනිමින් ජාතික ඒකාබද්ධතාවේ වැදගත්කම පිළිබිඹු කෙරෙන විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමටත් ජාතික ඒකාබද්ධතා හා ප්‍රතිසන්ධාන අමාත්‍ය වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.