• Increase font size
  • Default font size
  • Decrease font size

2016-12-20 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
නිදන්ගත වකුගඩු රෝග නිවාරණ ජාතික වැඩසටහන - 2016 - 2018
- මෑතකාලීනව ශ්‍රී ලංකාව තුළ උද්ගතව තිබෙන ප්‍රධාන බෝ නොවන රෝගයක් වන 'හේතුව හඳුනා නොගත් නිදන්ගත වකුගඩු රෝගය' (CKDu), මේ වන විට උතුරු මැද, ඌව, වයඹ, උතුර, මධ්‍යම හා නැ‍ඟෙනහිර යන පළාත්වල වැ‍ඩි වශයෙන් ව්‍යාප්තව ඇති අතර, දකුණු පළාතෙන්ද රෝගීන් යම් ප්‍රමාණයක් වාර්තා වී තිබේ. මෙම රෝගය විශාල සෞඛ්‍ය ගැටලුවක් වනවා පමණක් නොව එමඟින් සමාජ හා ආර්ථික ගැටලු රැසක්ද නිර්මාණය වී ඇත. මෙම රෝගය නිසා උද්ගතව ඇති සෞඛ්‍ය අර්බුදය ජය ගැනීම සඳහා නිවාරණ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම, රෝගීන් කල්ඇතිව හඳුනාගැනීම, රෝගීන්ට ප්‍රතිකාර කිරීම, රෝගීන් හා ඔවුන්ගේ පවුල්වල සුබසාධනය, පිරිසිදු පානීය ජලය සම්පාදනය වැනි ක්‍රියාමාර්ග අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය වේ. ඒ සඳහා, ජනාධිපති කාර්යාලය යටතේ පිහිටුවා ඇති 'වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්යසාධන බලකාය' විසින් 2016 - 2018 කාලය තුළ ක්‍රියාත්මක කරනු ලබන, නිදන්ගත වකුගඩු රෝගය නිවාරණය සඳහා වූ ජාතික සැලැස්ම සඳහා අවශ්‍ය අරමුදල් සලසා ගැනීම පිණිස අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.