• Increase font size
  • Default font size
  • Decrease font size

2016-11-22 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජාතික රක්ෂණ දිනයක් ප්‍රකාශයට පත් කිරීම
- රක්ෂණයේ වැදගත්කම පිළිබඳ ශ්‍රී ලාංකේය ජනතාව දැනුම්වත් කර, සෑම පවුලක් සඳහාම මූලික රක්ෂණාවරණයක් ලබාගැනීම දිරිමත් කර එමඟින් පවුල්වල සිදුවන මරණ, රෝගාබාධ හා දේපළ හානි ආවරණය කිරීමේ අරමුණින්, සෑම වර්ෂයකම සැප්තැම්බර් මස 01 වනදා 'ජාතික රක්ෂණ දිනය' ලෙස ප්‍රකාශයට පත් කිරීම පිණිස මුදල් අමාත්‍ය රවි කරුණානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.