• Increase font size
  • Default font size
  • Decrease font size

2016-11-22 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
නාගරික අන්තර් සම්බන්ධිත (Urban Interconnected Roads) මාර්ග වැඩිදියුණු කිරීම
- බස්නාහිර පළාත තුළ පවතින වාහන තදබදය අවම කිරීමටත්, ප්‍රාදේශීය ප්‍රවාහන යටිතල පහසුකම් සංවර්ධනය කිරීමටත් නාගරික ප්‍රදේශ සම්බන්ධ කරනු ලබන මාර්ග (අන්තර් සම්බන්ධිත මාර්ග) සංවර්ධනය කිරීම අත්‍යවශ්‍ය වේ. ඒ අනුව, ආර්ථික කළමනාකරණය පිළිබඳ අමාත්‍ය මණ්ඩල කාරක සභාවේ නිර්දේශය පරිදි, දැනට ඉතා අබලන් තත්ත්වයක පැවතීම හේතුවෙන් රථවාහන ගමනාගමනය දුෂ්කරතා මධ්‍යයේ සිදු කෙරෙන, කොළඹ, මොරටුව, මහර සහ අවිස්සාවේල්ල යන ප්‍රදේශයන්හි පිහිටි, කිලෝමීටර් 30ක පමණ මුළු දිගකින් යුතු අන්තර් සම්බන්ධිත මාර්ග 26ක්, රුපියල් මිලියන 208.5ක ඇස්තමේන්තුගත පිරිවැයකින්, පළාත්බද මාර්ග සංවර්ධන අධිකාරිය (බස්නාහිර පළාත) මඟින් කාපට් කර වැඩිදියුණු කිරීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.