• Increase font size
  • Default font size
  • Decrease font size

2016-11-22 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජාතික දේශසීමා කළමනාකරණ කමිටුවක් ස්ථාපිත කිරීම
- රටක දේශසීමාව පාලනය කිරීම, එම රටෙහි ජාතික ආරක්ෂාව සඳහා අතිශය වැදගත් වන අතර, එමඟින් රටක ස්වෛරීභාවය සුරක්ෂිත වීමද පිළිබිඹු වේ. ශ්‍රී ලංකාවේ දේශසීමාව හරහා ගමන් කරනු ලබන පුද්ගලයින් හා ඒ හරහා හුවමාරු වන භාණ්ඩ ප්‍රමාණය අඛණ්ඩව ඉහළ යමින් පවතින අතර, 2020 වර්ෂය වන විට මිලියන 10ක පුද්ගලයින් පිරිසක් සහ කිලෝග්‍රෑම් මිලියන 200කට අධික භාණ්ඩ ප්‍රමාණයක් ශ්‍රී ලංකාවේ දේශසීමා හරහා ඔබමොබ යනු ඇති බවට අපේක්ෂා කෙරේ. එබැවින් රටේ ජාතික ආරක්ෂාව, සමාජ රටාව හා ආර්ථික සමෘද්ධිය පවත්වා ගෙන යාම පිණිස දේශසීමා හරහා සිදු කෙරෙන එකී කාර්යයන් නිසි පරිදි කළමනාකරණය කිරීම වැදගත් වේ. ඒ අනුව, ආයතන කිහිපයක් මඟින් දැනට සිදු කරනු ලබන ශ්‍රී ලංකාවේ දේශසීමා කළමනාකරණයේ සියලු පැතිකඩයන් පිළිබඳ අවධානය යොමු කරමින්, අවදානම්, ප්‍රමුඛතාවන් හා ඉලක්ක තක්සේරු කිරීම සඳහා රජයේ කේන්ද්‍රීය ආයතනය ලෙස ක්‍රියා කරනු ලබන රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගෙන්/ප්‍රතිපත්ති සම්පාදකයන්ගෙන් සමන්විත 'ජාතික දේශසීමා කළමනාකරණ කමිටුවක්' ස්ථාපිත කිරීම පිණිස ආරක්ෂක අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.