• Increase font size
  • Default font size
  • Decrease font size

2016-11-22 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රෝගීන්ගේ රුධිර පරිමාව අඩුවන අවස්ථාවන්හිදී ලබා දෙනු ලබන ඖෂධ මිල දී ගැනීම
- රෝගීන්ගේ රුධිර පරිමාව අඩුවන අවස්ථාවන්හිදී ලබා දෙනු ලබන සෝඩියම් ක්ලෝරයිඩ් අන්තඃශෛරික ද්‍රාවණ බීපී 0.9% w/v හෝ සෝඩියම් ක්ලෝරයිඩ් එන්නත් යූඑස්පී 0.9% w/v මිලිලීටර 500 බෝතල් 7,200,000ක් මිල දී ගැනීම සඳහා වූ ටෙන්ඩරය, ප්‍රසම්පාදන අභියාචන මණ්ඩලයේ (PAB) නිර්දේශය පරිදි පිරිනැමීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.