• Increase font size
  • Default font size
  • Decrease font size

2016-11-22 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රජයේ රෝහල්වල එක්ස්-රේ යන්ත්‍ර සඳහා භාවිත කරනු ලබන බ්ලූ බේස් ඩ්‍රයි ඉමැජින් ලේසර් ෆිල්ම්ස් (35cm x 43cm ) 820,000ක් මිල දී ගැනීම
- රජයේ රෝහල්වල එක්ස්-රේ යන්ත්‍ර සඳහා භාවිත කරනු ලබන ෆූජී ලේසර් ප්‍රින්ටර්ස්හි භාවිතය සඳහා බ්ලූ බේස් ඩ්‍රයි ඉමැජින් ලේසර් ෆිල්ම්ස් (35cm x 43cm) 820,000ක් මිල දී ගැනීම සඳහා වූ ටෙන්ඩරය, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ (SCAPC) නිර්දේශය පරිදි පිරිනැමීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.