• Increase font size
  • Default font size
  • Decrease font size

2016-11-22 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කොළඹ නගරයේ දකුණ ප්‍රදේශයේ ආදායම් උත්පාදනය නොකෙරෙන ජලය (Non Revenue Water) අඩු කිරීම සඳහා පද්ධති පුනරුත්ථාපනය කිරීමේ කොන්ත්‍රාත්තුව
- කොළඹ නගරය තුළ හා අවට ප්‍රදේශවල නළ ජලය කාන්දුවීම සහ ගාස්තු ගෙවීමකින් තොරව ජලය ලබාගැනීම අඩු කිරීමේ අරමුණින්, කොළඹ දකුණ සහ බටහිර කොළඹ ප්‍රදේශයන්හි ජල සැපයුම් සේවා වැඩිදියුණු කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ ආධාර යටතේ ක්‍රියාත්මක කරනු ලබන, මහ කොළඹ අපජල හා ජල කළමනාකරණය වැඩිදියුණු කිරීමේ ආයෝජන වැඩසටහනෙහි ව්‍යාපෘති අංක 2හි පද්ධති පුනරුත්ථාපනය කිරීමේ කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ (SCAPC) නිර්දේශය පරිදි පිරිනැමීම පිණිස නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.