• Increase font size
  • Default font size
  • Decrease font size

2016-11-22 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මාලි රාජ්‍යයේ සාම සාධක මෙහෙයුම් සඳහා සහභාගි වන සංග්‍රාමික බල ඇණිය සඳහා අවශ්‍ය උපකරණ ප්‍රසම්පාදනය කිරීම
- මාලි රාජ්‍යය තුළ එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරිවල නිරත වීම සඳහා යුද හමුදා සංග්‍රාමික බල ඇණියක් යෙදවීමට ශ්‍රී ලංකාව අපේක්ෂා කරන අතර, එම බල ඇණිය සඳහා අවශ්‍ය බිම් බෝම්බ ඉවත් කිරීමේ සහ පුපුරණ ද්‍රව්‍ය නිෂ්කාශනය කිරීමේ උපකරණ සැපයීමේ කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ (SCAPC) නිර්දේශය පරිදි පිරිනැමීම පිණිස ආරක්ෂක අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.