• Increase font size
  • Default font size
  • Decrease font size

2016-11-22 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් සඳහා නේවාසික පහසුකම් වැඩිදියුණු කිරීම
- ශ්‍රී ලංකා පොලීසියේ විශේෂ කාර්ය බලකාය යටතේ කොළඹ සහ ඒ අවට ප්‍රදේශවල විශේෂ රාජකාරි සඳහා අනුයුක්ත කර සිටින නිලධාරින් සඳහා ප්‍රමාණවත් නේවාසික පහසුකම් නොමැති වීම ගැටලුවක්ව පවතී. මෙයට පිළියමක් වශයෙන්, කොළඹ නගරයට ආසන්නයේ පිහිටි ගෝනහේන කඳවුරු පරිශ්‍රයේ අබලන් තත්ත්වයේ පවතින භ‍ට නිවාසයක් ඉවත් කර, ඒ වෙනුවට නිලධාරි 250 දෙනෙකුට නේවාසික පහසුකම් සැලසිය හැකි තෙමහල් භට නිවාසයක් රුපියල් මිලියන 74.9ක ඇස්තමේන්තුගත පිරිවැයකින් ඉදි කිරීම පිණිස නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.