• Increase font size
  • Default font size
  • Decrease font size

2016-11-22 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
යාපනය, අච්චුවේලි ප්‍රදේශයේ ඉඩම් ගිලා බැසීම
- යාපනය දිස්ත්‍රික්කයේ, අච්චුවේලි ප්‍රදේශයේ ගොවිතැන් කටයුතු කරනු ලබන ඉඩම් ගිලා බැසීමේ සිද්ධියක් වාර්තා වී ඇති අතර, පොළොව මත දීර්ඝ කාලයක් පුරා සිදු වූ පැළුම් වර්ධනය වීමේ ස්වභාවයක්ද දක්නට ලැබේ. මෙම ප්‍රදේශයේ පොළොව හුණුගල්වලින් නිර්මාණය වී ඇති බැවින් කුහර හා උමං නිර්මාණය වීමේ නැඹුරුවක් පෙන්නුම් කරනු ලබයි. මෙම තත්ත්වයට හේතු වූ කරුණු පැහැදිලි කරගැනීමටත්, ජන ජීවිතයට බලපෑමක් වන ආකාරයෙන් අනාගතයේදී සිදු විය හැකි ගිලා බැසීම් පිළිබඳව සැලකිල්ලට ගනිමින් ප්‍රදේශයේ භූමි පරිභෝජනය සම්බන්ධයෙන් තීරණ ගැනීමටත් හැකි වන පරිදි, ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය මඟින් මෙම තත්ත්වය පිළිබඳ වැඩිදුර අධ්‍යයනයක් සිදු කිරීම පිණිස බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම හා හින්දු ආගමික කටයුතු අමාත්‍ය ඩී.එම්. ස්වාමිනාදන් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.