• Increase font size
  • Default font size
  • Decrease font size

2016-11-22 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජනමාධ්‍ය ප්‍රමිතීන් සහ අයිතීන් සම්බන්ධයෙන් මහජන කතිකාවතක් ආරම්භ කිරීම
- නිදහස්, ස්වාධීන හා බහුවිධ ජනමාධ්‍ය සංස්කෘතිය සුරක්ෂිත කරමින්, ප්‍රමිතියකින් යුතු ප්‍රවෘත්ති මහජනතාව වෙත ලබා දීමේ වෘත්තීයමයභාවය හා ආචාරධර්ම ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගනිමින්, මුද්‍රිත මාධ්‍ය, විකාශන මාධ්‍ය (ගුවන්විදුලි හා රූපවාහිනි) සහ මෙරට ලියාපදිංචි වෙබ් අඩවිවල ප්‍රවෘත්ති අන්තර්ගතය අන්තර්ජාතිකව පිළිගත් ප්‍රමිති හා ක්‍රමවේදවලට අනුව නියාමනය කිරීම සඳහා ස්වාධීන මණ්ඩලයක් ස්ථාපනය කිරීමට යෝජනා වී තිබේ. මෙම යෝජනාව ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් මහජනතාවගේ අදහස් හා යෝජනා විධිමත් පරිදි ලබාගැනීමට කටයුතු කිරීම පිණිස පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.