• Increase font size
  • Default font size
  • Decrease font size

2016-11-22 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සාපරාධී කාරණාවලදී අන්‍යෝන්‍ය සහයෝගිතාව දැක්වීමේ පනත සංශෝධනය කිරීම
- දේශ සීමා ඉක්මවා සිදුවන අපරාධ මර්දනය කිරීමේදී ශ්‍රී ලංකාවේ සහාය වෙනත් රටවලට ලබා දීමටත්, එම රටවල සහාය ශ්‍රී ලංකාවට ලබාගැනීමටත් 2002 අංක 25 දරන සාපරාධී කාරණාවලදී අන්‍යෝන්‍ය සහයෝගිතාව දැක්වීමේ පනත මඟින් විධිවිධාන සලසනු ලබයි. මුදල් විශුද්ධිකරණය පිළිබඳ වරද හඳුනාගැනීම, අල්ලසට හා දූෂණයට එරෙහි එක්සත් ජාතීන්ගේ සම්මුතියේ 16 වන ව්‍යවස්ථාව මඟින් දක්වනු ලැබ ඇති අල්ලස් ගැනීමට අදාළ වැරදි අපරාධ වැරදි වශයෙන් දැක්වීමේ අවශ්‍යතාව, පරිගණක පද්ධති සහ දත්ත පිළිබඳ අපරාධ වැරදි ආදී මෙම ක්ෂේත්‍රයට අදාළ වන මෑතකාලීන සංවර්ධනීය තත්ත්වයන් සැලකිල්ලට ගනිමින්, දේශ සීමා ඉක්මවූ අපරාධ මැඬ පැවැත්වීම හා අපරාධ වැළැක්වීම ශක්තිමත් කිරීම, අපරාධ විමර්ශනය කිරීම සහ අපරාධවලින් ඉපැයූ මුදල් රාජසන්තක කිරීම සඳහා කටයුතු සැලසීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සතු අන්තර්ජාතික බැඳීම් පිළිබිඹු කරමින් සාපරාධී කාරණාවලදී අන්‍යෝන්‍ය සහයෝගිතාව දැක්වීමේ පනත සංශෝධනය කිරීම පිණිස අධිකරණ අමාත්‍ය (ආචාර්ය) විජයදාස රාජපක්ෂ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.