• Increase font size
  • Default font size
  • Decrease font size

2016-11-22 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
නඩු ප්‍රමාදය අවම කිරීම පිණිස පූර්ව නඩු විභාග කාර්යපටිපාටීන් (Pre- Trial Procedures) සඳහා විධිවිධාන සැලසීම
- නඩු විසඳීම ප්‍රමාද වීම හේතුවෙන් බරපතළ අපහසුතාවලට ලක්වීමට මහජනතාවට සිදු වී ඇත. මෙම තත්ත්වය මඟහරවා ගැනීම සඳහා කලින් කල විවිධ ක්‍රමවේදයන් අනුගමනය කරනු ලැබ ඇතත් විශාල නඩු සංඛ්‍යාවක් තවමත් අධිකරණයන්හි ගොඩගැසී ඇත. එකී ගැටලුව විසඳීම සඳහා 'පූර්ව නඩු විභාග කාර්යපටිපාටීන්' හඳුන්වා දීම පිණිස දැනටමත් අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දෙනු ලැබ තිබේ. ඒ අනුව, ඒ සඳහා විධිවිධාන සලසමින් නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ, නීතිපතිතුමා විසින් නිෂ්කාශනය ලබා දෙන ලද, 'සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන) කිරීමේ පනත් කෙටුම්පත' රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමටත් අධිකරණ අමාත්‍ය (ආචාර්ය) විජයදාස රාජපක්ෂ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.