• Increase font size
  • Default font size
  • Decrease font size

2016-11-22 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
බීජ හා රෝපණ ද්‍රව්‍ය සංවර්ධන ව්‍යාපෘතිය
- ඉහළ ගුණාත්මකභාවයකින් යුත් බීජ හා රෝපණ ද්‍රව්‍ය සුලභ කිරීම මඟින් ‍ලබා ගත හැකි අස්වැන්නේ ගුණාත්මකභාවය මෙන්ම ඵලදායීතාව වැඩි කරගත හැකි බව විද්‍යාත්මකව සනාථ වී තිබේ. ඒ අනුව, රටේ කෘෂිකර්මාන්තයෙහි තිරසර බව සඳහා සහ ආහාර සුරක්ෂිතතාව ළඟා කරගැනීම සඳහා ඉහළ ගුණාත්මකභාවයෙන් යුතු බීජ හා රෝපණ ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීමේ ව්‍යාපෘති, කෘෂිකර්ම අමාත්‍යාංශය සහ ඒ යටතේ ඇති ආයතනයන්ට අයත් දැනට ඵලදායී කාර්යයකට යොදා ගනු ලැබ නොමැති ඉඩම් භාවිත කරමින්, රාජ්‍ය අංශයේ හා පෞද්ගලික අංශයේ හවුල්කාරිත්වය මත ක්‍රියාත්මක කිරීම පිණිස කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.