• Increase font size
  • Default font size
  • Decrease font size

2016-11-22 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සමාගම් රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව විසින් සපයනු ලබන සේවාවන් සඳහා අය කරනු ලබන ගාස්තු සංශෝධනය කිරීම
- 2007 අංක 7 දරන සමාගම් පනතෙහි සහ 2005 අංක 11 දරන පනතින් සංශෝධිත 1891 අංක 16 දරන සමිති ආඥාපනතෙහි විධිවිධාන යටතේ, සමාගම් රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව විසින් සපයනු ලබන සේවාවන් සඳහා අය කරනු ලැබූ ගාස්තු සංශෝධනය කරමින් තමන් විසින් නිකුත් කරනු ලැබ ඇති, 1990/12 අංක දරන 20161025 දිනැති අතිවිශේෂ ගැසට් පත්‍රය, අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම පිණිස කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.