• Increase font size
  • Default font size
  • Decrease font size

2016-11-22 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ප්‍රමිතියෙන් උසස් ආයුර්වේද ඖෂධීය අමුද්‍රව්‍ය නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා ඔසු වගා ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම
- දේශීය සහ ආයුර්වේද ඖෂධ නිෂ්පාදනය සඳහා වාර්ෂිකව යොදාගනු ලබන අමුද්‍රව්‍ය අවශ්‍යතාවෙන් 60%ක් පමණ සපුරාගනු ලබනුයේ ආනයනයන්ගෙනි. මෙයට පිළියමක් ලෙස ඖෂධීය අමුද්‍රව්‍ය ඉල්ලුම සපුරා ලීම සඳහා කෙටිකාලීන ඖෂධීය ශාක වගාව ආරම්භ කිරීමට 2016 අයවැය මඟින් යෝජනා කරන ලදී. ඒ අනුව, ගොවීන් සහභාගි කරගනිමින්, ප්‍රමිතියෙන් උසස් ඖෂධීය අමුද්‍රව්‍ය නිෂ්පාදනය කිරීම සඳහා වන ඔසු වගා ව්‍යාපෘතියක්, රත්නපුර, කුරුණෑගල, අනුරාධපුර, මොනරාගල හා ගාල්ල යන දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින් ආරම්භ කිරීමටත්, ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ අලෙවි ජාලය මඟින් මෙම ව්‍යාපෘතිය යටතේ නිෂ්පාදනය කෙරෙන ඖෂධීය අමුද්‍රව්‍ය මිල දී ගැනීමටත් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.