• Increase font size
  • Default font size
  • Decrease font size

2016-11-22 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජාතික තත්ත්ව ප්‍රතිපත්තිය
- ශ්‍රී ලංකාවේ භාණ්ඩ හා සේවාවන්හි ගුණාත්මක තත්ත්වය ඉහළ නැංවීම සඳහා වූ ප්‍රථම තත්ත්ව ප්‍රතිපත්තිය 1998 වසරේදී ක්‍රියාත්මක කරන ලදී. ශ්‍රී ලංකාව තුළ වර්තමානයේ සිදු කරනු ලබන පුළුල් සංවර්ධන ක්‍රියාකාරකම් සහ මේ පිළිබඳ රජයේ අභිමතාර්ථ සැලකිල්ලට ගෙන, සෞඛ්‍ය, අධ්‍යාපන, මාර්ග, ප්‍රවාහනය සහ වෙළඳ හා වාණිජ යන ක්ෂේත්‍ර ආවරණය වන පරිදි සිදු කරන ලද අදහස් විමසීම්වලදී ඉදිරිපත් වූ කරුණු කෙරෙහිද අවධානය යොමු කරමින් හා පුළුල්/සවිමත් සහභාගිත්ව ප්‍රවේශයක් අනුගමනය කරමින් අලුතින් සකස්/පිළියෙළ කරනු ලැබ ඇති 'ජාතික තත්ත්ව ප්‍රතිපත්තිය' (National Quality Policy) ක්‍රියාත්මක කිරීම පිණිස විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.