• Increase font size
  • Default font size
  • Decrease font size

2016-11-22 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
හීලෑ අලි - ඇතුන්ගේ ආරක්ෂාව හා අභිවෘද්ධිය සැලසීම
- වනසත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනත යටතේ, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර, වාර්ෂිකව ලබාගන්නා බලපත්‍රයක් යටතේ හීලෑ අලි - ඇතුන් ළඟ තබාගැනීමට පුද්ගලයන්ට නීත්‍යනුකූලව අවසර දී තිබේ. එහිදී එම අලි - ඇතුන් රඳවා තබන ස්ථාන පවත්වාගෙන යා යුතු ආකාරය, එම අලි - ඇතුන්ගේ සෞඛ්‍ය තත්ත්වය යහපත්ව පවත්වා ගැනීම, අයිතිකරුවන්ගේ හා රැක බලාගනු ලබන පුද්ගලයින්ගේ වගකීම, ලියාපදිංචි කරනු ලැබ ඇති ඇතින්නියකගෙන් උපත ලබන පැටවුන් රැක බලාගැනීම, අලි - ඇතුන් වැඩෙහි යොදාගැනීම, අභිජනනය, පෙරහැර හා රූගත කිරීම් සඳහා යොදා ගැනීම, අලි - ඇතුන්ට ඇඳුම් පැලඳුම් යෙදීම වැනි කරුණු විධිමත් කිරීම මඟින් ලියාපදිංචි අලි - ඇතුන්ගේ ආරක්ෂාව හා අභිවෘද්ධිය සැලසීම සඳහා වනසත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනත යටතේ සකස් කරනු ලැබ ඇති නියෝග ප්‍රකාශයට පත් කිරීම පිණිස තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.