• Increase font size
  • Default font size
  • Decrease font size

2016-11-22 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකාව තුළ මැණික් නිධි ගවේෂණය හා තක්සේරුව
- ශ්‍රී ලංකාවේ භූමි ප්‍රමාණයෙන් 70%ක පමණ ප්‍රදේශයක මැණික් සම්පත් විසිර පවතින බවට තක්සේරු කර ඇති නමුත් දැනට මැණික් පතල් කැණීම සඳහා භාවිත කෙරෙන්නේ ඉන් 10% කටත් අඩු භූමි ප්‍රදේශයක් පමණි. දැනට හඳුනා නොගත් මැණික් නිධි පවතින ස්ථාන හඳුනාගෙන සිතියම් සහිත සවිස්තරාත්මක දත්ත ගබඩාවක් හඳුන්වා දීමත්, පරිසර හිතකාමී ලෙස මැණික් පතල් කැණීමේ නිවැරදි ක්‍රමවේද හඳුන්වා දීමත්, තිරසර මැණික් පතල් කැණීමේ කර්මාන්තයක් සඳහා මාර්ගෝපදේශ සැකසීමත් අරමුණු කරගනිමින් සැලසුම් කරනු ලැබ ඇති, 'ශ්‍රී ලංකාවේ මැණික් නිධි ගවේෂණය හා තක්සේරු කිරීමේ ව්‍යාපෘතිය', 2017 සිට 2021 දක්වා කාල පරිච්ඡේදය තුළ අදියර තුනකින් ක්‍රියාත්මක කිරීම පිණිස මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.